21 ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 යළි ඇරඹේ

21 ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 යළි ඇරඹේ

21 ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 යළි ඇරඹේ

කර්තෘ Staff writer

05 Jan, 2020 | 12:48 pm

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන 17 වැනි දා යළි ආරම්භ කෙරේ.

එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේ, මේ වනවිට පුද්ගලයින් 305 කට වැඩි සංඛ්‍යාවකින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

ඒ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මහාචාර්ය රොහාන් ගුණරත්න සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ද වේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය 19 වැනි දා භාර දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]