සිවිල් ආරක්ෂක සාමාජිකයින් 4000 ෂොට් ගන් ගිනි අවි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 4000 කට ෂොට් ගන් වර්ගයේ ගිනි අවි

by Staff writer 05-01-2020 | 7:37 AM

COLOMBO (News 1st) - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 4000 කට ෂොට් ගන් වර්ගයේ ගිනි අවි ලබාදීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කළේ, ලබන සතියේ සිට එම ගිනි අවි ඔවුන්ට ලබා දෙන බවයි. අවශ්‍ය ගිනි අවි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා බව ද ඔහු පැවසුවේ ය. ගිනි අවි ලබාදීමෙන් පසු එම සාමාජිකයින් වන අලි තර්ජන පවතින ප්‍රදේශවල විදුලි වැට නඩත්තු කිරීම සඳහා යෙදවීමට නියමිතයි. මේ වනවිටත් සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 2500 ක් විදුලි වැට ආරක්ෂා කිරීමට යොදවා ඇති බව රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.