විදෙස් හමුදාවට එරෙහි ඉරාක යෝජනාව සම්මතයි 

විදෙස් හමුදාවන්ට ඉවත්වන ලෙස දන්වමින් ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගනී 

by Hashini De Mel 05-01-2020 | 10:04 PM

News 1st -තම රටෙන් සියලු විදේශ හමුදා ඉවත් විය යුතු බවට ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරයි

ඒ, ඉරාන හමුදා ප්‍රධානී කාසම් සුලෙයිමානි ඉරාකය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පැවැති පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුවයි. මේ වනවිට ඉරාකය තුළ අමෙරිකානු සෙබළුන් 5000ක් පමණ සිටින බව විදෙස් වාර්තාවල සඳහන් වේ. පසුගිය සිකුරාදා අලුයම අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් එම හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට පත් විය. මෙය ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර මේ වනවිට ඉරානය සහ ඉරාකය තුළ අමෙරිකානු විරෝධයක් උත්සන්න වෙමින් පවතී.