වැලි, පස් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයේ වෙනසක් ?

වැලි, පස් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය සරල කිරීමට කමිටුවක්

by Staff writer 05-01-2020 | 1:53 PM

COLOMBO (News 1st) - වැලි, පස්, බොරලු හා මැටි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සරල කිරීම සඳහා කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ.

පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේ, දැනට මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සංකීර්ණවීම හේතුවෙන් විවිධ අක්‍රමිකතා සහ දූෂණ සිදුවන බවයි. එය නැවැත්වීම සහ වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් යටතේ කඩිමින් බලපත්‍ර ලබා ගැනීමට ඉඩ සැලසීම අමාත්‍යාංශයේ අරමුණ බව ද ඇය සඳහන් කළා ය. ලේකම්වරිය පැවසුවේ, කමිටු නිර්දේශ මත කඩිනමින් මෙම වැඩපිළිවෙළ සකස් කරන බවයි.