ලෝක වෙළෙඳපොළේ රිදී හා ප්ලැටිනම් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රිදී හා ප්ලැටිනම් මිල ඉහළට

by Hashini De Mel 05-01-2020 | 5:12 PM

News 1st - ලෝක වෙළෙඳපොළේ රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 18.02 ලෙසට ය. ඊට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ප්ලැටිනම් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 980 ක මිලකට අලෙවි කෙරේ.