රන්ජන් රාමනායකට ඇප

රන්ජන් රාමනායක ඇප මත මුදා හරී

by Staff writer 05-01-2020 | 5:36 PM

COLOMBO ( News ) - අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරිණි.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරුණු රාමනායක මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය. මාදිවෙල පිහිටි ඔහුගේ නිවසේදී රාමනායක මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්තේ ය. ඒ, එම නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුවයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කළේ ය. පොලීසිය පැවසුවේ එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක්, එම අවිය සඳහා භාවිත කරන 9MM උණ්ඩ 127 සහ සැක කටයුතු ලේඛන කිහිපයක් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය එහි තිබී සොයා ගත් බවයි.