by Staff writer 05-01-2020 | 3:27 PM
COLOMBO ( News 1st ) - රුපියල් මිලියන 58කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහනය කරන සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිරුර තුළ සඟවා මෙම රන් බිස්කට් රැගෙන යෑමට තැත් කළ අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයයි.
ඔහු සන්තකයේ තිබී සොයාගත් රන් බිස්කට් සංඛ්‍යාව 65 කි.
ලද බුද්ධි තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කළේ ය.
රේගුව පැවසුවේ, සැකකරු කාර්ය මණ්ඩල දොරටුවෙන් පිටව යන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.