පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා

මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා

by Staff writer 05-01-2020 | 7:58 AM

COLOMBO (News 1st) - මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ, ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප්‍රදීප කණිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරෙන බවයි. මීට සමගාමිව සියලු පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම එදින සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. සෑම ළමයෙකුටම පළමු ශ්‍රේණිය සඳහා පාසලක් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම හෙට සිට 17 වැනි දා දක්වා සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.