මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය තරුණයන් 5ක් දැලේ

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් 5 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 05-01-2020 | 4:11 PM

COLOMBO ( News 1st ) -  මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 5දෙනෙකු හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ හැටන්, දියගල හංදියේදී සිදුකළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, අනුරාධපුර, ගෝනපල හා මොරටුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණයන් පස්දෙනෙකි.