මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක

මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලයක් මත නැගී විරෝධතාවක

by Staff writer 05-01-2020 | 4:09 PM

COLOMBO ( News 1st ) - මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, බන්ධනාගාර රැඳවියෙකු මියයාමේ සිද්ධියකින් අනතුරුවයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රැඳවියෙකු මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අද පෙරවරු 11 ට පමණ අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මත විරෝධතාව ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ මේ වනවිට බන්ධනාගාරය අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි.