ප්‍රදේශ රැසකට අද පස්වරුව් තද වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුව් තද වැසි

by Staff writer 05-01-2020 | 10:56 AM

COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.