දැදුරු ඔයේ වැලි ජාවාරම සීඝ්‍රයෙන් ඉහළට

දැදුරු ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට

by Staff writer 05-01-2020 | 1:09 PM

COLOMBO (News 1st) - දැදුරු ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

ඔවුන් සඳහන් කළේ, මේ හේතුවෙන් හලාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක පරිසර පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවයි. මේ අතර දැදුරු ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දැදුරු ඔයේ, සිප්පිගලාන හා වීරකුමන්දළුව ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සමග බෝට්ටු දෙකක් සහ වැලි ගොඩ දැමීමට යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර ද පොලීසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.