News 1st ප්‍රා⁣දේශීය මාධ්‍යවේදීන් තිදෙනෙකුට සම්මාන

කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් හොරණදී

by Staff writer 05-01-2020 | 10:21 AM

COLOMBO (News 1st) - කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීමේ වැඩසටහනක් හොරණදී පැවැත්විය.

එය සංවිධානය කළේ, හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ද සහභාගී විණි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100 කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක් කෙරුණි. නිව්ස්ෆස්ට්හි බෝදිත උබේසිරි, මිථිල කොඩිතුවක්කු සහ ඩී.එල්. සුසෙව්හේවා ද මෙහිදී ඇගයීම් සම්මාන ලැබූහ. මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වුවේ, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතායි.