කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 4 ක් ගෙන්වයි

අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 4 ක් ගෙන්වයි

by Staff writer 05-01-2020 | 12:26 PM

COLOMBO (News 1st) - කොළඹ සිට අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනය කිරීමට දුම්රිය එන්ජින් 4 ක් ආනයනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසින් එම දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා ඇති බවයි. මේ අතර නව දුම්රියන් 4 ක් මෙරටට ආනයනය කර තිබේ. එම දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කෙරෙනු ඇති. තව ත් බලවේග කට්ටල 4 ක් ලබන මාසයේදී මෙරටට ආනයනය කෙරෙන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.