රන්ජන් රාමනායක අද අධිකරණයට

අත්අඩංගුවට ගත් මන්ත්‍රී රන්ජන් රාමනායක අද අධිකරණය හමුවට

by Staff writer 05-01-2020 | 7:04 AM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

රාමනායක මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවේ මාදිවෙල පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ, එම නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සෝදිසියකට ලක් කිරීමෙන් අනතුරුවයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කළේ ය. පොලීසිය පැවසුවේ, එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක්, එම අවිය සඳහා භාවිත කරන 9 MM උණ්ඩ 127 සහ සැකකටයුතු ලේඛන කිහිපයක් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය එහි තිබී සොයා ගත් බවයි.