නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් 7 වැනි දා කොළඹට

by Staff writer 05-01-2020 | 7:49 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් ලබන 07 වැනි දා කොළඹට කැඳවීමට නියමිතයි.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. එහිදී පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනගා ගෙන ඇති එකඟතා ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී පක්ෂ සභාපතිවරයා සමග සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.