කමිටුවලට නව සාමාජිකයින් පත් කිරීමට සාකච්ඡාවක්

කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීමේ සාකච්ඡාවක් ලබන 07 වැනි දා

by Staff writer 05-01-2020 | 7:31 AM

COLOMBO (News 1st) - කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සමාජිකයින් පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන 07 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින් සහභාගිවීමට නියමිතයි. දැනට පුරප්පාඩු වී පවතින රාජ්‍ය මුදල් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹීමට මෙම සාකච්ඡාවේදී සැලසුම් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කාරක සභා 10 ක් අහෝසි විය. මේ පිළිබඳ සාකච්ඡාවක් පෙරේදා දිනයේ ද පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂය යෝජනා කර ඇත්තේ කාරක සභාවල බහුතර සාමාජික සංඛ්‍යාවක් ආණ්ඩුවට හිමිවිය යුතු බවයි. පෙර සාමාජිකයින්ම ඒ සඳහා පත් කළ යුතු බව විපක්ෂය එහිදී යෝජනා කර තිබේ.