අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට  දුම්රිය එන්ජින් 4 ක් ගෙන්වයි

අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 4 ක් ගෙන්වයි

අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 4 ක් ගෙන්වයි

කර්තෘ Staff writer

05 Jan, 2020 | 12:26 pm

COLOMBO (News 1st) – කොළඹ සිට අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනය කිරීමට දුම්රිය එන්ජින් 4 ක් ආනයනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසින් එම දුම්රිය එන්ජින් මෙරටට ගෙන්වා ඇති බවයි.

මේ අතර නව දුම්රියන් 4 ක් මෙරටට ආනයනය කර තිබේ.

එම දුම්රියන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කෙරෙනු ඇති.

තව ත් බලවේග කට්ටල 4 ක් ලබන මාසයේදී මෙරටට ආනයනය කෙරෙන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]