මීගමුවට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්

මීගමුවට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 04-01-2020 | 3:43 PM
COLOMBO (News 1st) : මීගමුව මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පෙරවරු 9 සිට 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගාල්පිටිය, බාසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බවයි. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය ප්‍රදේශයද අනිද්දා පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.