පොලීසිය රන්ජන්ගේ මාදිවෙල නිවස පරීක්ෂා කරයි

පොලීසිය රන්ජන්ගේ මාදිවෙල නිවස පරීක්ෂා කරයි

by Staff writer 04-01-2020 | 5:05 PM
COLOMBO (News 1st) : පොලිස් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවස මේ වනවිට විශේෂ පරික්ෂාවකට ලක් කරමින් සිටී. රන්ජන් රාමනායක මහතා පැවසුවේ, සෝදිසි වරෙන්තුවක් රැගෙන පැමිණි පොලීසිය නව නිවස පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි. අද පස්වරු 3 ට පමණ මෙම පොලිස් කණ්ඩායම රාමනායක මහතාගේ නිවසට පැමිණ තිබේ.