තලවාකැලේදී දුම්රියක් පීලිපනී

තලවාකැලේදී දුම්රියක් පීලිපනී

by Staff writer 04-01-2020 | 4:10 PM
COLOMBO (News 1st) : උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ අතර ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු 3.30 ට පමණ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.