කොස්ගොඩ තාරකගේ සහයකයෙක් STF අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අම්බලන්ගොඩදී අත්අඩංගුවට

by Staff writer 04-01-2020 | 3:46 PM
COLOMBO (News 1st) : මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අම්බලන්ගොඩ පන්සල පාර ආදාදොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීයි. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහයෙකු ද වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ ය. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබේ.