ඔරුගොඩවත්ත -අඹතලේ මාර්ගය තාවකාලිකව වැසේ ‍

ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය අද සහ හෙට තාවකාලිකව වැසේ ‍

by Staff writer 04-01-2020 | 11:19 AM
COLOMBO ( News 1st )  - වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය අද සහ හෙට රාත්‍රී 10 සිට පසුදා අලුයම 5 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ, බුත්ගමුව යකඩ පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ය. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.