මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

කර්තෘ Staff writer

04 Jan, 2020 | 7:51 pm

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද රාත්‍රි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේ ය.

ඒ, අද රාත්‍රි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් රංජන් රාමනායක මහතාගේ නිවස අද පස්වරුවේ පරික්ෂාවට ලක් කළේ ය.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බලපත්‍ර නොමැතිව සන්තකයෙක් තබාගත් පිස්තෝලයක් හා එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127 ක් හා සැකකටයුතු ලේඛන කිහිපයක් ද සොයා ගැනිණ.

අනතුරුව අද පස්වරු 7.30 ට පමණ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනිණ.

මන්ත්‍රී රංජන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට

මන්ත්‍රී රංජන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට#lka #News1st #RanjanRamanayake

Posted by Newsfirst.lk on Saturday, January 4, 2020

 

JUST IN : මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට පත් අවස්ථාවේ දර්ශන

JUST IN : මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට පත් අවස්ථාවේ දර්ශන #lka #News1st #RanjanRamanayake #Arrest

Posted by Newsfirst.lk on Saturday, January 4, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]