by Sagarika Chathumali 03-01-2020 | 9:44 AM
UPDATE 10.25 am - : හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ ගුවන් යානා අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ගුවන් ආවේක්ෂණ රාජකාරිවල නිරත Y 12 වර්ගයේ යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
යානයේ නියමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනා අනතුරින් මිය ගොස් ඇති අතර ඔවුන්ගේ සිරුර පිළිස්සි ඇති බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.
මේ අතර යානය කඩා වැටීමෙන් අසල පිහිටි නිවසක පදිංචි කාන්තාවක් ද තුවාල ලබා ඇති අතර , ඇය මේ වන විට හපුතලේ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ අතර ගුවන් යානා අනතුර සිදුවීමට මොහොතකට පෙර ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධතියක (CCTV) සටහන්ව තිබූ දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
UPDATE- 10.15 am : හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වු යානය ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයට අයත් බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර ඇති බවයි.
වීරවිල සිට පියාසර කරමින් සිටියදී , අනතුර සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර ගුවන් යානය කඩා වැටීමෙන් තුවාල ලැබූ අසල නිවසක සිටි කාන්තාවක් ප්‍රථිකාර සඳහා හපුතලේ රෝහලට ඇතුළත් කර තිබේ.
---------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) 9.44 am : හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී හෙළිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.
පොලීසිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
(සමාජ මාධ්‍යයේ සංසරණය වන දර්ශන පෙළක්)