8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සැසිවාරය ඇරඹෙයි

8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සැසිවාරය ඇරඹෙයි

by Staff writer 03-01-2020 | 1:50 PM
COLOMBO (News 1st) : අට වැනි පාර්ලිමේන්තුවේ හතරවන සභාවාරය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. පෙරවරු 9.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක කරු ජයසුරිය මහතා විසිනි. අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම අබියසදී පාසැල් සිසුවියෝ ජය මංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ. අනතුරුව පෙරවරු 10 ට පමණ සභාවේ මූලාසනයේ අසුන්ගත් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව ඉදිරිපත් කළේ ය. එහිදී ජනාධිපතිවරයා තම රජයේ දිගු කාලීන හා කෙටි කාලීන සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරිමට පියවර ගත්තේ ය. ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මතු කළේ ය. තම ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවෙන් පසු , ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව පස්වරු 1 දක්වා කල් තැබී ය. https://www.facebook.com/NewsfirstSL/videos/621613448581107/