home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සොරබොර වැවේ සොරොව්වට සමාන සොරොව්වක් හිමි මහියංගණය උඩ වැව අභාවයට යයි
by Staff writer
03-01-2020 | 7:15 PM
COLOMBO ( News 1st ) -
මහියංගණය, කැලෑවල පිහිටි උඩ වැව සොරබොර වැවේ සොරොව්වට සමාන සොරොව්වක් හිමි මෙරට වාරි ඉතිහාසයේ අතිවිශිෂ්ට නිර්මාණයකි.
දුටුගැමුණු රජුට බුලත් සැපයූ බුලතා විසින් නිර්මාණය කරන ලද සොරබොර වැව සුවිශේෂි වන්නේ, කළු ගලක් දෙපළු කර නිර්මාණය කර ඇති එහි ගල් සොරොව්ව හේතුවෙනි. දුටුගැමුණු රජතුමන්ට බුලත් සැපයූ බුලතා සොරබොර වැව තැනීමට ගමන් කළ මාර්ගයේ මෙම උඩ වැව නිර්මාණය කර ඇත්තේ සොරබොර වැව තැනීමට යොදා ගත් යෝධ උදැල්ල සේදීම සඳහා බව ද ජනප්රවාදයේ සඳහන් වේ. ගැමියන් පවසන්නේ, සොරබොර වැවේ ඇති ගල් සොරොව්ව හා මෙම වැවේ ඇති ගල් සොරොව්වේ තාක්ෂණය සමාන බව ය. ඉතිහාසයේ වී බුසල් 180ක් මෙම වැව යටතේ වගා කළ බව ගැමියන් පවසන අතර 1888.11.11 දින මෙම වැව ප්‍රතිසංස්කරණය කර ඇති බව දැන ගැනීමට දැනට ද සාක්ෂි එම දොරටුවේ සඳහන් කර ඇත. වර්තමානයේ දම්බරාව ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග මෙම වැව භාවිතයෙන් ඉවත් වී ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයින් පවසන්නේ මෙම වැව නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට තමන්ට අවශ්‍ය බවය. ඔවුන් ඒ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ද දැනුම් දී තිබේ. මේ පිළිබඳව අප කළ විමසීමකදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය පැවසූයේ මෙම වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නොවන බවය. එම වැව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් බව ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළා ය. නමුත් අසරණ වූ ගොවි සංවිධාන නියෝජිතයින් පවසන්නේ, ඔවුන්ගේ ගොවි සංවිධාන අරමුදලෙන් හෝ මේ වැව ප්රතිසංස්කර ගැනීමට අවශ්‍ය අවසර ලබා දෙන ලෙස ය. https://www.facebook.com/NewsfirstSL/videos/504028207131474/
වෙනත් ලිපි
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
අමෙරිකාවෙන් ලංකාවට 44%ක තීරු බද්දක් ගහපු හේතුව
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය