සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පිළිගැනේ

සජිත් විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කථානායක දැනුම් දෙයි

by Staff writer 03-01-2020 | 1:24 PM
COLOMBO (News 1st) : නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර දැනුම් දුන්නේ ය. ඒ පාර්ලිමේන්තු සභාව ආරම්භ කරමිනි. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වු අතර , එහිදී ප්‍රථමයෙන්ම සිදුවුයේ රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් හිස්වු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙහි වරුණ ලියනගේ මහතා දිවුරුම් දීමයි. පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස , දිනේෂ් ගුණවර්ධන මහතාත් , ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාත් නම් කර ඇති බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.