ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනාවක්

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට

by Staff writer 03-01-2020 | 11:48 AM
COLOMBO (News 1st) : ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට යොමු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සඳහන් කළේ , ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් කිහිපයක් සලකා බලමින් මේ පියවර ගත් බවයි. මෙම අතුරු යෝජනාවෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ස්ථිරව ඉවත් කරන තෙක් ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා ඇතුළත් කර තිබේ. ගුරු - විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කර කඩිනමින් නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට නියමිතයි.