දින 3ක් තුළ කොටින් 2ක් මරුට

කොටි ඝාතනවලට හේතුව වෙළෙඳපොළ මිත්‍යා විශ්වාසයන් ද?

by Staff writer 03-01-2020 | 10:12 PM

COLOMBO ( News 1st ) - දින 3ක් ඇතුළත උඩවලව හා යටියන්තොට ප්‍රදේශවලදී කොටින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ යටියන්තොටින් ය. යටියන්තොට, පේරගස්හන්දිය, පිල්ලහේන ප්‍රදේශයේ කොටියෙකු මද්දකට හසු වී මිය ගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ මෙම කොටියා දිගින් අඩි 5ක් පමණ වන බවයි. වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළින් ඝාතනයට ලක් වූ කොටියෙකුගේ සිරුරක් හමු විය. වනජිවී නිලධාරීන් පැවසුවේ පසුගිය 31 වැනිදා මෙම කොටියා ඝාතනයට ලක්වන්නට ඇතැයි අනුමාන කරන බවයි. කොටියාගේ වයස අවුරුදු 2 -3 ත් අතර බව ද එම නිලධාරීන් පැවසුවේ ය. ඉදිරි ගාත් කපාගෙන ගොස් තිබෙනු දක්නට ලැබෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලැබ තිබේ. ‍ සත්ත්වවේදී සෙතිල් මුහන්දිරම් මේ පිළිබඳව අදහස් දැක්වූයේ ‍ය.
මේ සතාගේ තිබ්බ රදනක දත් එහෙම නැත්නම් කටේ තිබ්බ දඬයම් දත් හා ඉදිරිපස අත් කපන් අයින් කරගෙක තියනවා. මේ සතාව මරලා තියෙන්නේ දත් ලබාගැනීමේ අරමුණින්. මේ ඇත්තටම නූතන වෙළෙඳපොළේ මිත්‍යා විශ්වාස පදනම්ව නොවටිනා වටිනාකමක් දීලා තියනවා මේ සත්තුන්ගේ ශරීර අංග උදෙසා. උඩවලව ජාතික වනෝද්‍යානය තුළ වනජීවී අපරාධ රැසක් සිද්ද වෙලා තියනවා. තාමත් ඒ අපරාධකරුවන් මේ පරිසරයේ නිදැල්ලේ ඉන්නවා කියන එක ඇත්තටම කියන්න ඕනේ. වනජීවී හා වන සත්ත්ව ආඥා පණත සංශෝධනය කරලා මේ නීති ඉතාම ඉක්මණින් බලාත්මක කරන්නත් ඕනේ.