19 වරක් වැටුණු වළේ රට ආයෙත් වැටේ ද?

19 වරක් වැටුණු වළේ රට ආයෙත් වැටේ ද?

by Staff writer 02-01-2020 | 4:10 PM

COLOMBO (News 1st) : විස්සයි දහනමය මැතිවරණ අවුරුද්දක් නම් විස්සයි විස්ස ඒ වගේ දෙගුණයක මැතිවරණ අවුරුද්දක්

විස්සයි විස්සෙ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් එනවා

,

ඊට අමතරව පළාත් සභා

9

ක මැතිවරණත් තියන්න ඕන

.

කේන්ද්‍රීය කාරණයට යමු

.

නොවැම්බර්

18

අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා

.

නොවැම්බර්

21

අලුත් අගමැතිවරයෙක් දිවුරුම් දුන්නා

.

ඒත් පාර්ලිමේන්තුව අලුත් වුණේ නැහැ

.

අලුත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට මුලින්ම එන්න නියමිත ජනවාරි තුන්වෙනිදා

.

මේ පාර්ලිමේන්තුව තේරී පත්වුණේ

2015

අගෝස්තු

17

වැනි දා තිබුණු මහමැතිවරණයෙන්

.

පාර්ලිමේන්තුව මුල්වරට රැස්වුණේ

2015

සැප්තැම්බර් පළවෙනිදා

.‍

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට ඉඩ ලැබෙන්නේ

2020

මාර්තු පළවෙනිදාට

.

ඊට කලින් විසුරුවා හරින්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්

2/3

කට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් ඒ සඳහා ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි

.

හැබැයි ඒක පවතින තත්ත්වය යටතේ අමාරු ඉලක්කයක්

.

මෙවර ජනාධිපතිවරණය ජය ගත්තෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

.

වඩා දන්න නම පොහොට්ටුව

.

පොහොට්ටුව පිහිටුවලා පුබුදුකලේ බැසිල් රාජපක්ෂ මහත්මයා

.

ඔහු මේ පාර්ලිමේන්තුවේ නැහැ

.

මේ දවස්වල නම් රටෙත් නැහැ

.

ඒත් බැසිල් නැත්නම් බීආර් බලදේශපාලනයේ තීරණාත්මක සාධකයක්

.

ඇමරිකාවෙත් පුරවැසිබව හිමි ඔහුට ඉදිරි මහමැතිවරණයක දී අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත්වෙන්න බැහැ

.

හේතුව

19

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනූ එකේ එක

(

)

දහතුන යටතේ වෙනත් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලාංකිකයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගැනීම වලක්වා ඇති නිසා

.

19

වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ

2015

අප්‍රේල්

28

වැනි දා

.

එ් පාර්ලිමේන්තුවේ බැසිල් රාජපක්ෂ මහත්මයත් මන්ත්‍රීවරයෙක්

.

ඔහු ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ

.

ඒත් චමල්

,

නාමල් යන රාජපක්ෂවරු මේ යෝජනාව සම්මත කරගන්නට එදා ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළා

.

සංශෝධනය නීතිගත වුණේ

2015

මැයි

15

වැනිදා

.

දහනමය තුළින් අවුල් වියවුල් රැසක් මතු ව තිබෙන බව එදා මේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වුණු අය ම අද ප්‍රකාශ කරනවා

.

පහුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ද හින්දු පුවත්පතට ප්‍රකාශ කළේ

19

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත් එහෙමත් නැත්නම් ෆේලියර් එකක් බව

.

ඉදිරි මහ මැතිවරණයේ දී

2/3

ක පාර්ලිමේන්තු බලයක් ලැබුණොත්

19

ඉවත් කරන්නට කටයුතු කරන බව ජනාධිපතිවරයා තහවුරු කර තිබෙනවා

.

19

කියන්නෙ ද්විත්ව පුරවැසිභාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් නොවේ

.

විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල අඩුකිරීම

,

අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සීමා කිරීම

,

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වගේ කරුණු ගණනාවක් ඇතුළත් වුණු ව්‍යවස්ථා සංශෝධන පැකේජයක්

.

කේන්ද්‍රීය කාරණයට යමු

.

2020

ජනවාරි තුනෙන් පස්සේ නැවත රැස්වන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් කාලය තුළ එහෙමත් නැත්නම් විසුරුවා හැරීමෙන් පස්සෙ පත්වන අලුත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යළි ඇතිවෙන්න නියමිතයි

.

මේ ව්‍යවස්ථා සම්පාදන කාර්යය තමයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ ප්‍රමුඛ වගකීම

.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා පනත් හොඳින් කියවල

,

අධ්‍යනය කරලා

,

සංශෝධන ඉදිරිපත් කරලා

;

තර්ක විතර්ක කරලා රටේ ම ජනතාව වෙනුවෙන් වඩාත් ගැළපෙන නීති සම්පාදනයයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වගකීම සහ යුතුකම

.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් කටයුතු කරන්නේ ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න ද

?

2001

ඔක්තෝම්බර්

03

වැනිදා සම්මත කරගත්තු

17

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්

,

පළමු වතාවට මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවනු ලැබුවා

.

ඒ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව

05

ක්

.

රැස්වීමක ඝන පූරණයට සාමාජිකයින්

03

දෙනෙක් අවශ්‍යයි

.

ඒත් ඒ කොමිසම ක්‍රියාත්මක වුණේ නැහැ

.

ඊට පස්සෙ

18

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

2010

සැප්තැම්බර්

08

සම්මත වුණා

.

ඒ සංශෝධනයෙන් මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව තුනක් දක්වා අඩුවුණා

.

ඒ කොමිසමත් ක්‍රියාත්මක වුණේ නැහැ

. 2015

දී

18

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා වඩා හොඳ ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ අරමුණින්

19

වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා

.

ඒකෙන් යෝජනා වුණු මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව තුන්දෙනෙක්

.

ඒත් කොමිසමේ රැස්වීමක ඝනපූරණයත් සාමාජිකයින් තුනයි

.

තව විදිහකින් කියනවා නම් මැතිවරණ කොමිසම තීරණයක් ගන්න නම් කොමිසමේ සාමාජිකයින් තුන්දෙනාම අනිවාර්යයෙන් රැස්විය යුතු යි

.

මැතිවරණ කොමිසම ම මේක ගැටලුවක් බව ප්‍රකාශ කරනවා

.

ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙත් තමන් මුහුණ දී ඇති ගැටලුව ගැන ලිඛිතව සටහන් කරනවා

.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සෙ තම තනතුරින් ඉවත් වීමට ඇති අභිලාෂය ප්‍රකාශ කර තිබුණා

.

කොමිසමේ සාමාජික මහාචාර්ය එස්

.

රත්නජීවන් එච්

.

හූල් මහත්මයා මැතිවරණ කොමිසමේ කාර්යයන් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර්

28

ඩේලි මිරර් පුවත්පතට විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරලා තිබුණා

.

මහාචාර්ය හූල්ගේ අදහස් දැක්වීම තුළ ඔහු කොමිසමේ කාර්යය පැහැදිලි කරන්න උපහැරණෙට අරගෙන තිබුණේ තම නිරුවත ගැන නොදැන නිරුවතින් හැසිරෙන අධිරාජයාගේ කතාවයි

.

කොමිසම

2020

නොවැම්බර්

17

වැනිදා වෙනකන් ක්‍රියාත්මකයි

.

මම මුලිනුත් කිව්වා

. 20

යි

20 20

යි

19

ට සාපේක්ෂව දෙගුණයක මැතිවරණ වසරක්

.

ඒ නිසාමයි සාමූහික තීරණ ගත හැකි සෞඛ්‍ය සම්පන්න මැතිවරණ කොමිසමක අවශ්‍යතාව වඩාත් ඉස්මතු වෙන්නෙ

.

ස්වාධීන මැතිවරණ කොමිස‍මට සාමාජිකයින් තුන්දෙනෙක් පත් කරලා රැස්වීමක් පවත්වන්න තුන්දෙනාම අවශ්‍යයි කියන මට්ටමේ නීති සම්මත කරනවා නම් ඒකෙ වගකීම අපේ පාර්ලිමේන්තුව බාරගන්න ඕන

.

ඒක මග ඇරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වරප්‍රසාද වරදාන ගැන විතරක් උනන්දු වෙනවා නම් ඒ වගේ පිරිසක් එක්ක රටකට ඉස්සරහට යන්න බැහැ

.

මේ අවුරුද්දක අවසානයක් විතරක් නෙවෙයි

.

දශකයක අවසානයක්

.

පසුගිය දශකය තුළ අපි තුන්වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා

.

ඒ හැම පාර ම කිව්වේ පවතින ව්‍යවස්ථාවේ අඩුපාඩු සකස්කරගන්න සංශෝධන ගෙනෙනවා කියල

.

20

යි විස්සෙදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ආයෙම කතා කරාවි

.

එදාටවත් අපි වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සබුද්ධික ව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ නොහිටියොත් අපිට තට්ටු මාරු ක්‍රමයට ව්‍යවස්ථා හද හද හැමදාමත් අතීතතයට දෙස් දෙවොල් තියමින් රට දේශපාලනිකවත් ඒ හරහා ආර්ථිකවත් අස්ථාවර වෙන හැටි බල බලා ඉන්න පුළුවන්

.

ඒ නිසයි පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදන කාර්යය කරන්න පුළුවන් පිරිසක් තෝරා යවන එක වැදගත් වන්නේ

.

ඒ වැදගත් කාර්යය නම් ඉටුකරන්න පුළුවන් අපේ ඡන්ද දායකයාට පමණ යි

.

ඒ වගකීම ඉටුකරන්න රටේ ඡන්ද දායකයා සූදානම් ද

?

අමතක කරන්න එපා

.

ඡන්ද දායකයෝ කියලා කියන්නේ ඔබත් මමත්

.

https://www.youtube.com/watch?v=grnldDpXpZs