by Staff writer 02-01-2020 | 10:01 PM
COLOMBO (News 1st) : අද පස්වරුවේ කොළඹ නගරයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග තුම්මුල්ල ප්‍රදේශය ඇතුළුව කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබිණ.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 4 ට නිකුත් කර ඇති අනාවැකියේ දැක්වෙන්නේ, පළාත් රැසකට වැසි ඇති විය හැකි බවයි.
අද රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.