by Sagarika Chathumali 02-01-2020 | 6:32 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම සිදුකරනු ලැබ ඇත්තේ අද පෙරවරුවේයි.
2014 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය අමරතුංග මහතා මේ දක්වා එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.
විශ්වවිද්‍යාල පද්ධතියේම සිටින ජ්‍යෙෂ්ඨතම උප කුලපතිවරයා වන අමරතුංග මහතා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ කමිටුවේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ දකුණු ආසියානු කලාපීය නියෝජිතයෙක් ද වේ.
අමරතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි.