මත්පෙති ජාවාරම්කරුවෙක් STF අත්අඩංගුවට

පාසල් ළමුන් ඉලක්ක කර මත්පෙති ජාවාරම් කළ අයෙක් STF අත්අඩංගුවට

by Hashini De Mel 02-01-2020 | 5:13 PM
COLOMBO (News 1st) : පාසල් ළමුන් ඉලක්ක කර මත්පෙති ජාවාරමක නිරතව සිටි සැකකරුවෙකු ඕලුවිල් පාලමුණේ පාසලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. එම බලකාය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී මත්පෙති 100 ක් සොයාගත් බවයි. පෙත්තක් රුපියල් 300 ක මිලකට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම මත්පෙති ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේ ය. සැකකරු 32 හැවිරිදි ඕලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරකට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකළ අතර අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අක්කරෙයිපත්තුව පොලීසියට භාර දී තිබේ.