by Staff writer 02-01-2020 | 6:55 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත් කර තිබේ.
ඒ අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
අදාළ නම් මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කර තිබේ.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට අද පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කන්ඩායමේදී ඒකමතික අනුමැතිය හිමිවිය.
ගයන්ත කරුණාතිලක මහතාගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතායි.
මේ අතර විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස ජේ. සී. අලවතුවල, අජිත් පී. පෙරේරා සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් ද , සහකාර සංවිධායකවරුන් ලෙස ආශු මාරසිංහ, සිඩ්නි ජයරත්න හා හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රිවරුන් ද පත් කළ බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.