ජනවාරි 01 ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

නව වසර ආරම්භයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

by Staff writer 02-01-2020 | 11:49 AM

News 1st - මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි. ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි.