පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ධුරයට

by Staff writer 02-01-2020 | 9:39 AM

COLOMBO (News 1st) - පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසිනි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඔහු ඊයේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළ බවයි. පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරී කළ නිලධාරියෙකි.