ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-01-2020 | 5:55 AM

දේශීය පුවත්

1. රාජිත සිංගප්පුරු රැගෙනයාමට අවසර ඉල්ලයි: නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මහතා සිංගප්පුරු මවුන්ට් එළිසෙබත් රෝහලට රැගෙනයාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රකාශ කළේ ය. 2. ලෝකවාසීහු 2020 උත්සවශ්‍රීයෙන් සමරති: 2020 නව වසර ශ්‍රී ලංකාවාසීන් ද ඇතුළු ලෝකවාසී ජනතාව පිළිගත්තේ නැවුම් බලාපොරොත්තු පෙරදැරිවයි. 3. මත්පැන් නිෂ්පාදනයට භාවිත කරන එතනෝල් ආනයනය අත්හිටුවයි: මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 4. දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස නුදුරේම ජනතා අයිතියට: දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටස මේ වසරේ පළමු කාර්තුවේදී ජනතා අයිතියට පත්කරන බව විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විදෙස් පුවත්

5. අමෙරිකානු ජනපතිගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.