ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිසා මිය ගිය සංඛ්‍යාව ඉහළ

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට

by Staff writer 02-01-2020 | 10:02 AM

News 1st - ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිරයන එම ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 1200 ඉක්මවන බවයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරක කලාපවල නිවාඩුව ගත කරමින් සිටි පුද්ගලයන් දහස් ගණන් එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටි.