ඇමති සී.බීගෙන් අඩු මිලට එළවළු හා වියළි ආහාර

ඇමති සී.බීගෙන් අඩු මිලට එළවළු හා වියළි ආහාර

by Staff writer 02-01-2020 | 8:42 PM
COLOMBO (News 1st) : දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යංශය අද මරදාන දුම්රියපොල ඉදිරිපිටදී එළවළු මල්ලක් හා වියළි සලාක මල්ලක් සහන මිලට ලබාදීම ආරම්භ කළේ ය. එළවළු මල්ලක් රුපියල් 500 ක මුදලකටත් වියලි සලාක මල්ලක් රුපියල් 500 ක මුදලකටත් මෙහිදී මිලදී ගත හැකි වේ. . දුම්රියෙන් පැමිණෙන රාජ්‍ය සේවකයින් ඉල්ලක්ක කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. වියළි සාලක මල්ලේ, පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, රතු හාල් කිලෝ ග්‍රෑම් 2, සිනි කිලෝ ග්‍රෑම් 1 සහ පොඩි සැමන් ටින් 1 ක් ඇතුළත් වේ. එළවළු මල්ලට කැරට්, ලීක්ස්, බෝංචි, බතල, වට්ටක්කා, අමු මිරිස්,රම්ප,/කරපිංචා, තක්කාලි, දෙහි සහ මුකුණූවැන්න ඇතුළත් වේ. https://www.youtube.com/watch?v=VRjHaxViSTw