ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-01-2020 | 6:04 AM

දේශීය පුවත්

1. සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනපති: සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රය සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2. ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රිමාන්ඩ්: විවාදාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 3. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීමට යුද හමුදාපති පත් කෙරේ: ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත. 4. ලබන වසරේ සිට සරසවිවලට බඳවා ගැනීම් 25 % කින් ඉහළට – බන්දුල ගුණවර්ධන: විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම් 25 % කින් වැඩි කිරීමට එළැඹෙන වසරේදී පියවර ගන්නා බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විදෙස් පුවත්

5. ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්: ඉරාකයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එරට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය.