ගජමුතු සමග 7දෙනෙකු STF දැලේ

අක්කරේපත්තුවේදී ගජමුතු 5ක් සමග 7දෙනෙකු STF දැලේ

by Staff writer 01-01-2020 | 3:22 PM

COLOMBO ( News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකාය අම්පාර අක්කරේපත්තුව ප්‍රදේශයේ කළ වැටලීමකින් ගජමුතු 5ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවටගත් පිරිස අතර ගුවන් හමුදා සාමාජිකයෙකු ද වන බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අම්පාර කඳවුරේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ ගජමුතු විකිණීමට යාමේදී ය.