හෙරොයින් සමග සැකකරුවෙක් වව්නියාවේදී අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවෙක් වව්නියාවේදී අත්අඩංගුවට

by Staff writer 31-12-2019 | 11:19 AM
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමග සැකකරුවෙකු වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධය සිදුකළ මෙහෙයුමකදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වේ. 24 හැවිරිදි සැකකරු මුරංකාවිල් පුනරින් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මීට සති දෙකකට පෙර දෝහා කටාර් සිට මෙරටට පැමිණ ඇතැයි පොලීසිය පැවසී ය. සැකකරු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.