රංවල අනතුරකින් ගුවන් හමුදාවේ 4 දෙනෙක් ජීවිතක්ෂයට

වරකාපොළ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළුන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට

by Staff writer 31-12-2019 | 7:56 AM
COLOMBO (News 1st) : කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ රංවල හංදිය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. මිය ගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කරනු ලබන හමුදා සමාජිකයින් 4 දෙනෙක්. ඔවුන් අවුරුදු 38 , 37 , 28 සහ 18 හැවිරිදි වියේ පසුවන කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම හා වරංකහව යන ප්‍රදේශවල පදිංචිකරුවවෝ වෙති. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. https://www.facebook.com/NewsfirstSL/videos/452553768953823/