පොලිස් අත්අඩංගුවෙන් මිදී සැකකරුවන් 2ක් පලා යති

පොලිස් අත්අඩංගුවෙන් මිදී සැකකරුවන් 2ක් පලා යති

by Staff writer 31-12-2019 | 6:09 AM
COLOMBO (News 1st) : පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් එක් සැකකරුවෙකු වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් පානදුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ , මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙනි. එම සැකකරුවන් දෙදෙනා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසී ය. එහිදී එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබේ. සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.