by Staff writer 31-12-2019 | 2:03 PM
COLOMBO (News 1st) : කොළඹ වායු ගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 ත් 150 ත් අතර අගයක පැවති බවයි.
ඒ , පිළිබද කුඩා දරුවන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් විමසිලිමත්විය යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.
නව වසර උදාවත් සමග ගිනිකෙළි භාවිත කිරීමේ දී වායු ගෝලයේ ගුණාත්මක භාවයට බලපෑම් එල්ල විය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ ය.