රියැදුරු බලපත්‍ර වෙනුවෙන් අල්ලස් ගත් 6 ක් රිමාන්ඩ්

ක්ෂණිකව රියැදුරු බලපත්‍රයක් ලබාදීමට අල්ලස් ගත් 06 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 31-12-2019 | 4:05 PM

COLOMBO ( News 1st ) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය අවට තැරැකරුවන් ලෙස කටයුතු කළ සැකකරුවන් 06 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

ඒ, ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට පත් විය. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වූයේ ඉතා කෙටි වේලාවකදී රියැදුරු බලපත්‍රයක් ලබාදීමට කටයුතු කිරීම සඳහා ඔවුන් එක් අයකුගෙන් රුපියල් 10,000ක මුදලක් අයකර ඇති බවයි.