by Staff writer 31-12-2019 | 1:55 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන දෙවැනිදා පැවැත්වේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, එදින පස්වරු 3 ට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා කැඳවීමක් කර ඇති බවයි.
එහිදී ලබන 3 වනදා රැස්වන පාර්ලිමේන්තුවේදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ද ලබන දෙවැනිදා රැස්වීමට නියමිතයි.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර , ලබන 3 වැනිදා දහවල් 12.30 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු නව සැසිවාරයට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව , මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සමාජිකයන් පත් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි.
මීට අමතරව පාර්ලිමේන්තුවේ , ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති.