යුද හමුදාපතිට තවත් වගකීමක්..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීමට යුද හමුදාපති පත් කෙරේ

by Staff writer 31-12-2019 | 5:14 PM

COLOMBO ( News 1st ) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර ඇත්තේ, යුද හමුදාපති ධූරයට අමතරවයි. මෙතෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ කටයුතු කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේ ය.