සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනයට විශේෂ ඒකකයක්

අවිස්සාවේල්ලේ සිට වැල්ලම්පිටිය දක්වා අපරාධ කල්ලි පාලනයට විශේෂ ඒකකයක්

by Staff writer 31-12-2019 | 2:00 PM
COLOMBO (News 1st) : අවිස්සාවේල්ලේ සිට වැල්ලම්පිටිය දක්වා ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපනය කර තිබේ. ඒ , බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේයි. අවිස්සාවේල්ලේ සිට වැල්ලම්පිටිය දක්වා කැලණි ගඟ ආශ්‍රිතව මහජනතාව බිය ගන්වා ඔවුන් සතු ඉඩම් අඩු මිලට මිලදි ගෙන , පසුව එම ඉඩම් නීති විරෝධී ලෙස ගොඩ කර වැඩි මිලට විකිණිමේ ජාවාරමක නිරතවූ පිරිස් සහ කප්පම් ගැනීම මැඩලීම එහි අරමුණ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය. එවැනි නීතිවිරෝධී සහ අවනසර ඉඩම් ගොඩකිරීම් , කප්පකම් ගැනීම් පිළිබඳ තොරතුරු ඇත්නම් 071 36 80 001 දුරකතන අංයට දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.